Samsung Phone වලටනම් Root කරන්න ඕනේ නෑ. settings වල fonts change කරන තැනින් සිංහල unicode font එකක් තෝරලා දුන්නම හරි. internet browsing වගේ වැඩකටනම් opera mini වල සිංහල හදාගන්න. facebook නම් lite app එක තියෙනොනේ. මොකද root කරන එක dangerous වගේම phone warranty නැතිවෙනෝනේ.
පරන සමහර Phone වල සිංහල වැඩ නෑනේ. ඒක හදාගන්න Phone එක Root කරලා තියෙන්න ඕන. Root කරගන්න හැටි කලින් පොස්ට් එකක දැම්මා. මුලින්ම කැමති සිංහල unicode font එකක් තෝරගෙන ඉන්න ඕන. google search කරලා බලාගන්නකෝ. App වලින්නම් කරන්න යන්න එපා. මට phone එකේ os ගහන්න උනේ ඒක නිසා. App වල මුලු os එකේම font එක වෙනස් කරනවා off කරලා on කරද්දි on වෙන්නේ නෑ boot loop නිසා. ඒකත් හදාගන්න හැටි කියන්නම්කෝ පස්සේ. කෙනෙක්ට වරදින්නම ඕන ඉගෙනගන්න.
Root වෙලා නම් පල්ලෙහා රූපේ වගේ Super user app එක ඇති. මතක තියාගන්න ඒක uninstall කරන්න යන්න එපා.
තව Root Access තියෙන file manager එකක් ඕන මටනම් ඕන දේකට හොද මේ file manager එක ES File Explorer මුලින්ම ඒකට root permission දෙන්න ඕන. ඒක සාමාන්‍යයෙන් open කරද්දිම අහනවා. නැත්නම් යටින් side එකට ඇද්දම එන menu එකේ Root Explorer on කරන්න තියෙන්නේ.
මුලින්ම Download කරගත්ත සිංහල unicode font එක DroidSansFallback විදියට Rename කරගන්න. ඊට පස්සේ Device/system/fonts path එකට යන්න. යන හැටි පල්ලෙහා ඇති තියෙන DroidSansFallback.ttf font එකේ copy එකක් ඕනනම් කොහෙට හරි දාගන්න. අර Rename කරගත්ත සිංහල unicode font එක Device/system/fonts path එකට ගිහින් paste කරගන්න හරියට Rename කරගත්තනම් overwrite ඒවී. overwrite කරලා paste කරාම වැඩේ හරි සමහර වෙලාවට එවලෙම වැඩ නැත්නම් restart කරාම වැඩ. වැඩේ හරියට කරගන්න එක ඔයාලගේ අතේ phone එක brick උනොත් මන් නෑ. අවුලක් නම් comment එකක් දාන්න.
No comments:
Post a Comment