Monday, December 26, 2016

Dead වෙච්ච Laptop බැටරිය හාදාගන්න කැමතිද?




මුලින්ම බොරු කියන්න ඕන නෑනේ. සමහර බැටරිනම් හදාගන්න බෑ එකේක හේතු නිසා circuit එක වැඩකරන්නේ නැත්නම්, ගැලපෙන battary replacement නැත්නම්,....... ඒත් අලුත් Laptop බැටරියක් කීයක් වෙනවද? Try කරලා බැලුවට පාඩුවෙනවද? පොඩ්ඩක් හරි හදාගන්න පුලුවන්නම්.

මේ වඩේට Voltmeter එකක් ඕන. මුලින්ම බැටරිය Laptop එකෙන් පන්නගන්න. ඊට පස්සේ පරිසමින් පල්ලෙහා රූපේ පේන විදියට බැටරිය වෙන් කරගන්න casing එක පොඩ්ඩක් Damage උනාට අවුලක් නෑ. ඒත් ආයිමත් සෙට් කරලා Laptop එකට දාද්දි පොඩ්ඩක් අමාරු වෙයි. ඒක නිසා පුලුවන් තරම් Damage  නොවී ගලවගන්න. Mobile Power Bank  වලත් තියෙන්නේ මේ බැටරි ගොඩක් දුරට ඒවත් මේ විදියට හදාගන්න පුලුවන්. දැන් බැටරි ටික ගලවගන්න. පාස්සල තියෙන නිසා එකපාර ගලවන්න යන්න එපා. Damage battary තියෙද බලන්න. battary 2 ක 2ක Parellel තියෙන්නේ. මගේනම් Damage battary තිබුනා ඒකට ගොඩක් හේතුව දාඩිය පෙරන් උකුල උඩ Laptop එක තියන් ඉදපු එක. හොද Laptop වලනම් දාඩිය ඇතුලට යන්නේ නැතුව ඇති අනික ඒ battary සවුත්තු වෙනොත් අඩුයි. battary වල voltage එක Voltmeter එකෙන් මැනගන්න. battary 2 ක 2ක Parellel තියෙන නිසා 2 ක 2ක voltage මැනගන්න. battary voltage එක 3.6v වලට වඩා වැඩිවෙන්න ඕන. 2 ක 2ක voltage මැනගත්තනම් battary වෙන්කරගෙන තනි තනියෙන් චෙක් කරගන්න කියන්න දෙයක් නෑනේ තේරෙනොනේ. කොහොමහරි තනි තනි battary voltage එක 3.6v වලට වඩා වැඩිවෙන්න ඕන. ඔක්කොම battary අලුතෙන් දාන්න පුලුවන්නම් වඩා හොදයි.Damage battary තියෙනම් ගලවලා අයින් කරන්න. battary voltage එක 3.6v වලට වඩා වැඩිවෙන්න ඕන කිව්වට ඒක වෙනස්. වැඩිම battary voltage එක බලාගන්න ඒ ආසන්න අගයක් තියෙනම් වඩා හොදයි. 

දැන් ඉතින් කරන්න තියෙන්නේ battary ඔක්කොම හරි වැඩක්නැති ටික හරි replace කරන එක. battary replace කරද්දි තියෙන battary එක ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකට අරන් ගිහින් ගන්න. ඒ වර්ගෙම ඒ battary voltage එකනම් හොදයිනේ. මට එක battary එකකට ගියේ Rs 3## ගානක් ඊට වඩා අඩු ඇති වෙන පලාත් වල. ආයි ධන(+) ඝණ(-) හරියට බලලා battary ටික දාගන්න. හොදට battary ටික සෙට් වෙන්න ඕන කලින් පාස්සපුවා ගැලෙව්ව තැන් වලට යකඩ පතුරු රිංගවන්න පුලුවන්නම් හොදයි. එතකොට battary හොදට contact වෙනවා. කොහොමහරි Laptop එක හෙලවෙදිදි battary පනින්නේ  නැත්නම් එච්චරයි. ආයි casing එක හොදට Fit කරලා Laptop එකට දාගන්න එක. අලුත්ම battary Charge කරගන්න දන්නවනේ. full battary බහිනකම් ඉදලා පැය කීපයක් Charge කරගන්න එක (full Charge අමතරව). ඊට පස්සේ Charger එක unplug කරලා Laptop එක Power on කරලා බලන්න. 100% තියෙනම් Discharge වෙන්න වැඩ කරලා battary බහින්න කාලය බලන්න. ඔක්කෝම අලුත් battary නම් අවුලක් නැතුව ඇති. මම නම් battary 2යි අලුතෙන්  දැම්මේ තව battary එකක් තව Laptop battary එකකින් පන්නගත්තා battary පොඩ්ඩක්වත් තිබුනේ  නෑ කලින් දැන් 40% තියෙනවා. හදපු වෙලාවෙම 23% තිබුනේ. Charge කරද්දි unplug කර කර ආයි step by step තමයි 40% වෙනකල් ගත්තේ ඒත් මහමෙරක් වගේ නැත්නම් light ගියාම ඔක්කොම ඉවරයි. අලුත් Laptop battary එකකුත් Rs 7000 ක් විතර වෙනවා මේකෙන් Rs 600 වගේ shape වුනා. try කරලා බලන්න. අවුලක්නම්  Comment කරන්න. post එකේ අඩුපාඩු තියෙනම් කියන්න.




pramesh ekanayake Web Developer

Follow

No comments:

Post a Comment