Tuesday, March 28, 2017

........Arduino lesson 02 sinhala ..........



මම අද ඔයලට කියල දෙන්නෙ Arduino Uno Board එකෙ තියන උපාංග ගැන. දැනගෙන ඉන්න එක ඉස්සරහට වටිනවා
[Image: 2qa8sue.jpg]
01-Dc input,
මේකෙන් කරන්නෙ Arduino Board එකට විදුලිය සම්බන්ධ කරගැනීමයි. ඒ කියන්නෙ අපි Arduino Board එක මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට use කරනවනම් (හිතන්නකො අපි remote car එකක් හදනව කියල ).එකට අවශ්‍ය පවර් එක දෙන්නෙ මෙකෙන්.අපිට මෙම jack එකට 7-12v Dc කරන්ට් එකක් දෙන්න පුලුවන්.. මේ jack එකට 7-12v Dc කරන්ට් එකම දෙන්න අවශ්‍ය නැහැ 6-20v පරාසය තමයි දෙන්න පුලුවන් ඒත් අඩු curent එකක් දෙන එක Board එකට හොදයි

02 Usb port ,
මෙකෙන් තමා අපි Arduino Board එකට අපි ලියන ප්‍රොග්‍රම් එක pc eke ඉදලා සම්බන්ධ කරන්නේ. ඒකට uab cable එකක් තියනවා .මේකෙන් අපිට Arduino Board එකට විදුලිය දෙන්නටත් පුලුවන් . තව Vin pin එකෙනුත් විදුලිය දෙන්න පුලුවන් ඒත් ඒක 5v regulater හරහා නොයන නිසා එතනට 5v දෙන්න ඕන වැඩියෙන් දෙන්න බැහැ Vin pin එකෙන් 5v ගන්න පාවිච්චි කරන්න පුලුවන්

03 Reseteble fuse
Fuse කියන එකනම් ඔයල දන්නවනෙ.(වැඩි වොල්ට් එකක් අවොත් fuse එක දැවෙනවා ).නමුත් මෙම fuse එක එහෙම නෙවෙ. මේකෙදී fuse එක අක්‍රීය වෙනව .නමුත් එක තවකාලිකව .මෙ බොර්ඩ් එකට වොල්ට් සපයුම නවතා දාමා නවත connect කරපුවම බොර්ඩ් එක නවත වැඩ .

04 5v regulater
මෙකෙන් කරන්නේ අපි දෙන 7-12v curent එක 05v වලට convert කරල අපේ microchip එකට දෙන එක

05 Atmega microcontroler

මෙක තම Arduino Board එකෙ ප්‍රධාන කොටස .අපි ලියන ප්‍රොග්‍රම් ගබඩාවන්නෙ සහ පාලනය කරන්නේ මෙකෙන්.(හරියට pc eke ප්‍රොසෙසෙර් වගෙ) මෙම microchip එකේ ධාරිතාව මත තමා අපි Uno,Mega,Promini(3.3v,5v කියලා 2ක් තියෙනවා ),Nano කියල බොර්ඩ් වර්ග හදුන්වන්නෙ.

06 Reset switch
මෙකෙන් බොර්ඩ් එක Reset කිරිම කරන්නේ . මේකෙන් මේකෙන් company එකෙන් ආපු blink programme එකට ආයි වැටෙනවා.

07 16MHz 16 crystal
මේක microchip එකෙ clock එක සම්බන්ධව ක්‍රියකරන්නේ .

08 3.3v regulater
3.3v convert කරල දෙනවා

09 pins වර්ග
[Image: k0t737.jpg]


ඉහල තියන pin ටිකට අපි කියන්නෙ Digital pin කියලා .ඒවා 0-13 දක්වා 14ක් තියෙනවා . 0 හා 1 කියන pin දෙක විශේශ කාර්යයන් කරන්න පාවිච්චි කරන්නෙ.බොර්ඩ් අතර සම්බන්ධ කරගන්න .එක ඉදිරියට බලමු



[Image: 21no3uw.jpg]
පහල තියන pin වලට කියන්නෙ Analog pin කියලා .ඒවා 0-5 දක්වා 6ක් තියනවා. අපි එවට analog device හයි කරනවා .එව ගැනත් ඉස්සරහට කතා කරනවා.
අයෙ පහල තවත් pin වගයක් තියනව
Gnd - මෙක තමා (-)අග්‍රය .ඉහල pin සෙට් එකෙත් එකක් තියනව(.Gndx2)
vin - අපිට මෙකෙන් Arduino Board එකට curent එක දෙන්න පුලුවන් හැබැයි 5v
Reset - Reset switch එකට සමානයි
5v - 5v (+) අග්‍රය
3.3v - 3.3v (+) අග්‍රය

........Arduino lesson 03.......... එකෙන් හම්බවෙමු....... පෝස්ටුව කොපියක් එඩිට් කිරීම මගිනි.
pramesh ekanayake Web Developer

Follow

.......Arduino lesson 01 sinhala..........



[Image: fdt6p4.jpg]
Arduino ගැන එයාලගෙම වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ මෙහෙමයි,

"Arduino is an open-source prototyping platform based on easy-to-use hardware and software."

Arduino උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි. මෙහිදී මොවුන්ගේ ප්‍රධාන අරමුණ වනුයේ electronics හෝ programming පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පරේෂණ කිරීමට හැකි පහසු platform එකක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත්. Arduino වල හදවත වන්නේ micro controller එකක් සහිත board එකකි.

මේ තියෙන්නේ Arduino Uno කියන board එක අපි වැඩිපුරම භාවිත කරන වර්ගය තමා මේ.....

[Image: A000066-Arduino-Uno-TH-1front.jpg]
[Image: 14vo5co.jpg]

මේ තියෙන්නේ Arduino පවුලේ කුඩාම එක්කෙනෙක් Arduino pro mini කියන board එක, මේ Board එක අපිට කෙලින්ම programming කරන්න බැහැ . ඒ ගැන පස්සේ කියන්නම්....

[Image: 51eec92ece395ffc4b000000.png]
[Image: yhst-27389313707334_2252_119224678]

මේ තියෙන්නේ Arduino පවුලේ තවත් කුඩාම එක්කෙනෙක් Arduino nano කියන board එක, මේ Board එක අපිට කෙලින්ම programming කරන්න පුලුවන්.....

[Image: Nano.jpg]
[Image: Nano.jpg]

මේ තියෙන්නේ Arduino mega කියන board එක

[Image: arduinomega2560_r2_front.jpg]
[Image: Arduino-Mega-2560-recursos.jpg]

මේ ඔක්කෝම Board වලින් වෙන්නේ එකම කාර්ය ඒත් pin ගනන් වෙනස් ඒ ඒ Board එකට

Arduino වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම Board එකකම පරිපථ සටහන් ලබා ගැනීමට හැකි වීම. ඒ කියන්නේ මේ Board එක Open Source platform එකක්. එම නිසා මෙම තාක්ෂණය අපිට අවශ්‍ය සේ භාවිතා කළ හැකියි. මේ නිසාම විවිධ ආයතන විසින් Aduino board අලුත් විදියට සාදා විකුණනු ලබනවා. Original Arduino board එකක් හා සංසන්ඳනය කිරීමේදී මේ අනුකරණ පරිපථ ඉතා පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒකත් අපි රටේ මේ තාක්ෂණය ඉක්මනින් ප්‍රචලිත වීමට හේතුවක්. අපිට උනත් මේ Board එකක් හදාගන්න පුලුවන් ඒත් පටන් ගන්න නවකයෙක්ට Arduino Uno කියන board එක තමයි හරි යන්නේ .

Arduino වලින් ප්‍රයෝජනයක් ගන්න මේ board එක විතරක් තිබිල මදි. මේ board වලට වවිධ වූ සංවේදක(Sensors) වලින් දත්ත ලබා ගැනීමේ හැකියාව තිබෙනව. එම ලබාගත් දත්ත අනුව තවත් යම් යම් උපකරණ සඳහා දත්ත ලබා දීම හෝ යම් කිසි කාර්යයක් කිරීමේ හැකියාව මේවා සතුයි.

Pc එකක් Arduino IDE එක සහ ඊට අදාල Drivers ඇතුලත් කරගන්න ඕන
Arduino uno board එක නවකයෙකුට Ali express(ලාබයි ),Ebay වගේ site වලත් ලංකාවෙත්( duino.lk වගේ ) හොයගන්න තියෙනවා
Usb cable මේක නම් Arduino board එක සමඟ හම්බවෙනවා .නැත්නම් ඔයාලා එකක් හොයාගන්න ඕන .
[Image: 2s1nm8o.jpg]
........Arduino lesson 02.......... එකෙන් හම්බවෙමු....... පෝස්ටුව කොපියක් එඩිට් කිරීම මගිනි.
pramesh ekanayake Web Developer

Follow