Tuesday, March 28, 2017

.......Arduino lesson 01 sinhala..........



[Image: fdt6p4.jpg]
Arduino ගැන එයාලගෙම වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ මෙහෙමයි,

"Arduino is an open-source prototyping platform based on easy-to-use hardware and software."

Arduino උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි. මෙහිදී මොවුන්ගේ ප්‍රධාන අරමුණ වනුයේ electronics හෝ programming පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පරේෂණ කිරීමට හැකි පහසු platform එකක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත්. Arduino වල හදවත වන්නේ micro controller එකක් සහිත board එකකි.

මේ තියෙන්නේ Arduino Uno කියන board එක අපි වැඩිපුරම භාවිත කරන වර්ගය තමා මේ.....

[Image: A000066-Arduino-Uno-TH-1front.jpg]
[Image: 14vo5co.jpg]

මේ තියෙන්නේ Arduino පවුලේ කුඩාම එක්කෙනෙක් Arduino pro mini කියන board එක, මේ Board එක අපිට කෙලින්ම programming කරන්න බැහැ . ඒ ගැන පස්සේ කියන්නම්....

[Image: 51eec92ece395ffc4b000000.png]
[Image: yhst-27389313707334_2252_119224678]

මේ තියෙන්නේ Arduino පවුලේ තවත් කුඩාම එක්කෙනෙක් Arduino nano කියන board එක, මේ Board එක අපිට කෙලින්ම programming කරන්න පුලුවන්.....

[Image: Nano.jpg]
[Image: Nano.jpg]

මේ තියෙන්නේ Arduino mega කියන board එක

[Image: arduinomega2560_r2_front.jpg]
[Image: Arduino-Mega-2560-recursos.jpg]

මේ ඔක්කෝම Board වලින් වෙන්නේ එකම කාර්ය ඒත් pin ගනන් වෙනස් ඒ ඒ Board එකට

Arduino වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම Board එකකම පරිපථ සටහන් ලබා ගැනීමට හැකි වීම. ඒ කියන්නේ මේ Board එක Open Source platform එකක්. එම නිසා මෙම තාක්ෂණය අපිට අවශ්‍ය සේ භාවිතා කළ හැකියි. මේ නිසාම විවිධ ආයතන විසින් Aduino board අලුත් විදියට සාදා විකුණනු ලබනවා. Original Arduino board එකක් හා සංසන්ඳනය කිරීමේදී මේ අනුකරණ පරිපථ ඉතා පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒකත් අපි රටේ මේ තාක්ෂණය ඉක්මනින් ප්‍රචලිත වීමට හේතුවක්. අපිට උනත් මේ Board එකක් හදාගන්න පුලුවන් ඒත් පටන් ගන්න නවකයෙක්ට Arduino Uno කියන board එක තමයි හරි යන්නේ .

Arduino වලින් ප්‍රයෝජනයක් ගන්න මේ board එක විතරක් තිබිල මදි. මේ board වලට වවිධ වූ සංවේදක(Sensors) වලින් දත්ත ලබා ගැනීමේ හැකියාව තිබෙනව. එම ලබාගත් දත්ත අනුව තවත් යම් යම් උපකරණ සඳහා දත්ත ලබා දීම හෝ යම් කිසි කාර්යයක් කිරීමේ හැකියාව මේවා සතුයි.

Pc එකක් Arduino IDE එක සහ ඊට අදාල Drivers ඇතුලත් කරගන්න ඕන
Arduino uno board එක නවකයෙකුට Ali express(ලාබයි ),Ebay වගේ site වලත් ලංකාවෙත්( duino.lk වගේ ) හොයගන්න තියෙනවා
Usb cable මේක නම් Arduino board එක සමඟ හම්බවෙනවා .නැත්නම් ඔයාලා එකක් හොයාගන්න ඕන .
[Image: 2s1nm8o.jpg]
........Arduino lesson 02.......... එකෙන් හම්බවෙමු....... පෝස්ටුව කොපියක් එඩිට් කිරීම මගිනි.
pramesh ekanayake Web Developer

Follow

No comments:

Post a Comment