Tuesday, January 31, 2017

Mobile Power Bank එකක් අපිම හදාගමු.


 

Power Bank එකක් හදාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මූලික දේවල් වල හැටියට Mobile Phone එකක් Charge කරගන්න 5V ඕන වෙනවා. ඒක නිසා අපි Power Bank එක කොහොම හැදුවත් 7805 Regulator IC එක ඕන. ඇත්තටම ඒ Regulator IC එකෙන් වෙන්නේ 5V වඩා වැඩි Voltage එකක් 5V output කරන එක පල්ලෙහා දාලා ඇති wire පාස්සගන්න ඕන විදිය Smooth current එකක් ගන්න පල්ලෙහා තියෙන විදියට පොඩි Capasitors 2ක් දාගන්න ඕන. 12V  වලටනම් Regulator IC එකට Heatzink එකක් දාන්න තරම් දෙයක් නෑ IC එක එච්චර රත් වෙන්නේ නෑ. මේ Regulator IC එකට 35V වගේ Max Voltage එකක් දෙන්න පුලුවන්. 79## වල මේකේ Commen අග්‍රයේ + - මාරුයි{ 78## (-) ,79## (+) }. මාතෘකාවෙන් පිට පනින්න ඕන නෑනේ.


                                   

1 ක්‍රමය (NOT Rechargerble )

මේ ක්‍රමයට අවශ්‍ය වෙන්නේ 7805 Regulator IC , Mobile Phone Charger Cable (මැදින් කපන්න ඕන ඒක නිසා Data Cable එකක්ම වෙන්න ඕන නෑ.), 9V Battary හරි 5V<Battary (NOT Rechargerble ) , 9V Battary connect  එකක්.


පින්තූරයේ තියෙන විදියට  7805 Regulator IC එක හදාගන්න ඕන. 9V Battary connect  එකේ  (+) හා (-)  7805 Regulator IC එකට හරියට පාස්ස ගන්න. Regulator IC එකෙන් output wires Charger Cable එකට  (Phone එකට වදින පැත්තේ Cable කෑල්ල) පාස්ස ගන්න. දැන් ඉතින් Phone එකට plug කරලා බලන්න Charger වෙනවනම් වඩේ හරි. නැත්නම් ආයිත් check කරලා බලන්න. හොඳ නිමාවක් ගන්න මොකක් හරි casing එකක් ඇතුලට Regulator IC එකයි Battary එකයි දාගන්න නැත්නම් Battary connect  එක උඩටම IC එක selootape වලින් අලවගන්න. Battary එක බැස්සම ආයි එකක් දාගන්න තියෙන්නේ.

2 ක්‍රමය (Rechargerble )

මේ ක්‍රමයට අවශ්‍ය වෙන්නේ 7805 Regulator IC , Mobile Phone Charger Cable (මැදින් කපන්න ඕන ඒක නිසා Data Cable එකක්ම වෙන්න ඕන නෑ.), 5V<Battary (Rechargerble )




පින්තූරයේ තියෙන විදියට  7805 Regulator IC එක හදාගන්න ඕන. Battary set  එකේ  (+) හා (-)  7805 Regulator IC එකට හරියට පාස්ස ගන්න. Regulator IC එකෙන් input wires Charger Cable එකට  (Charger එකට වදින පැත්තේ Cable කෑල්ල) පාස්ස ගන්න. Regulator IC එකෙන් output wires Charger Cable එකට  (Phone එකට වදින පැත්තේ Cable කෑල්ල) පාස්ස ගන්න. දැන් ඉතින් Phone එකට plug කරලා බලන්න Charger වෙනවනම් වඩේ හරි. නැත්නම් ආයිත් check කරලා බලන්න. හොඳ නිමාවක් ගන්න මොකක් හරි casing එකක් ඇතුලට Regulator IC එකයි Battary එකයි දාගන්න නැත්නම් Battary connect  එක උඩටම IC එක selootape වලින් අලවගන්න. Power Bank එකේ තියෙන වගේ Rechargerble Battary ඕනනම් පරණ Laptop Battary එකකින් ගන්න පුලුවන්. නැත්නම් වෙන Rechargerble Battary  වුනත් අවුලක් නෑ. ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින්  අරගන්න.  Battary වල mA(මිලි ඇම්පියර්) වලින් තමයි full charge එකකින් charge කරන්න පුලුවන් වාර ගාන තීරනය වෙන්නේ ඒක නිසා 5v වලට වඩා වැඩි වෙන්න(Battary 2ක 2) සමාන්තරව දාගන්න mA ගාන වැඩි වෙන්න.


pramesh ekanayake Web Developer

Follow