Tuesday, December 6, 2016

Android Boot Animation/Sounds එක වෙනස් කර ගමුද?



ඔන්න මුලින්ම කියන්නම් මේකට Root කරලා තියෙන්න ඕන. Root කරන හැටි කලින් පොස්ට් එකක දැම්මා.Root කරලනම් පල්ලෙහා තියෙනවා වගේ Super user app එක ඇති. Es file manager එක නැත්නම් ඒක Download කරගන්න. ඒකම ඕනෙත් නෑ Root directory වලට යන්න පුලුවන් file manager එකක් තිබුනම ඇති. මුලින්ම file manager එකට Root permission දෙන්න.

                    

                    

                    

                                                 


ඊට පස්සේ මෙන්න මේ path එකට යන්න. Device > system > media අන්න ඒ folder එකේ තමයි තියෙන්නේ. හොයාගන්න නැත්නම් Device වල ඉදගෙන search පාරක් දාන්න bootanimation හරි poweron හරි.

poweron.mp3 , poweroff.mp3 වලට කැමති mp3 එකක් දාගන්න පුලුවන් ඒත්
bootanimation එකේ වෙලාවට ගැලපෙන්න ඕන. ආ තව එකක් මේ directory එකට Root නැති phone  වලත් යන්න පුලුවන් කැමතිනම් වෙන phone එකක bootanimation , poweron.mp3 , poweroff.mp3 ගන්න පුලුවන් නැත්නම් internet එකෙන් download කරගන්න පුලුවන්.

වැදගත්ම දේ තමයි bootanimation.zip එක ඇතුලේ desc.txt file එකක් ඇති ඒ file එකේ අපිට ඕන bootanimation එකට අදාල screen size එක බලාගන්න පුලුවන්. ඒක මේ වගේ,

320 480 15

320 - පළල
480 - උස
15 - 1s යන frame(photo) ගණන

තව එකක් තමයි bootanimation.zip එකේ folder වල තියෙන photo තමයි Animation වෙන්නේ. bootanimationfactory කියලා Software එකක් තියෙනවා ඒකෙනුත් Animation හදන්න edit කරන්න පුලුවන් ඒකෙන්ම preview එකක් බලන්නත් පුලුවන්.

මුලින් තමන්ගේ phone  එකේ දැනට තියෙන bootanimation එකට අදාල screen size එකට අදාලව bootanimation එකක් හොයාගන්න. සමහර bootanimation.zip වලම poweron.mp3 , poweroff.mp3  තියෙනවා.

phone එකට ගැලපෙන  bootanimation.zip එක හොයාගත්තනම් වඩේ පටන්ගන්න පුලුවන් ඒත් මුලින්ම ආපු bootanimation.zip , poweron.mp3 , poweroff.mp3 ටික චිප් එකට වගේ copy කරගන්න. කෝකටත් හොදයිනේ. දැන් ඉතිං කරන්න තියෙන්නේ තියෙන ඒවා වෙනුවට අලුත් ඒවා replace කරන එක. දැන් ඉතින් restart පාරක් දීලා බලන්න.

media > audio folder එකේ folders වලට අපි කැමති sounds අදාල format(ogg) එකෙන් replace හරි දාගෙන හරි බලන්නකෝ. පොස්ට් එකේ අඩුපාඩු හොඳ නරක කියලා comment එකක් දාන්නකෝ.
pramesh ekanayake Web Developer

Follow

No comments:

Post a Comment