Thursday, September 22, 2016
Android phone වලට සිංහල දාගමු.
ගොඩක් අය App වලින් දාගන්න යනවා. ඒක කරන්න එපා මාත් මුලින් තුන්පාරක් කරලා Phone එක Brick වෙලා os එක ගැහුවා. හතරවෙනිපාර තමයි Google ට සහ අපේම සහෝදරියන්ට පින්සිද්දවෙන්න ගොඩදාගත්තේ. ඒක නිසා පරිසමින් කරන්න.
Root ඩිරෙක්ට්රි වලට යන්න පුලුවන් File manager app එකක් තිබුනම ඇති. මන්නම් පාවිච්චි කරේ ES File manager එක.Settings වලින් Root access හදාගන්න. Super User Permission ok කරන්න.
දැන් File manager එකට root directory වලට ගිහින් write කරන්න පුලුවන්. Read Write Permission නැත්නම් File manager Settings වලින් හදාගන්න.
මුලින්ම ඔයාල කැමති Unicode Sinhala Font (iskolapotha,kaputa,puskolapotha,kandyunicode)එකක් Download කරගන්න. ඒක DroidSansFallback.ttf විදියට Rename කරගෙන System/Fonts Folder එකට ගිහින් Paste කරන්න Replace ආවොත් Replace කරන්න. සමහර විට ඒ වෙලාවෙම සිංහල පෙනෙයි නැත්නම් Restart එකක් දුන්නම වැඩකරාවි.සිංහල විතරක් දාගන්න Root කරානම් වැඩේ ඉවරවුනාට පස්සේ Unroot කරගන්න.අවුලක් තියෙනම් Comment කරන්න. අවදානම ඔබ සතුයි. Brick වුනොත් Os ගහන්නේ නැතුව චිප් එකකින් Font ටික Flash කරන්න. ඒක කරන හැටි පස්සේ කියන්නම්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment