Friday, September 30, 2016
3D Hologram Projector එකක් හදාගමුද?
මේක අපිට Smart Phone එකක පාවිච්චි කරන්න පුලුවන් විදියට තමයි මිනුම් දීලා තියෙන්නේ. ඒත් ඒ අනුපාතයේ ගුණාකාර වලින් හදාගන්නත් පුලුවන්. ඇත්තටම මේකේ වෙන්නේ Video එකේ පැති හතරේ තියෙන Video ටික 3D Hologram Projector(හදාගත්ත Pyramid) එකට ප්‍රක්ශේපනය වෙන එක.
මෙන්න මේ රූපේ තියෙන විදියට මිනුම් අරගෙන Template එකක් කපාගන්න.
උඩ දිග 1 cm හෝ ගුණාකාරයක්
යට දිග 6 cm හෝ ගුණාකාරයක්
උස 3.5 cm හෝ ගුණාකාරයක්
දැන් Transparant කොලයක් අරගෙන Template එකෙන් 4ක් කපාගන්න. මේ කොලේ කඩවල් වල ගන්න තියෙනවා CD Plastic කවරයක් වුනත් අවුලක් නෑ. ඒත් කොලයක්නම් හොදයි ගනකම අඩු වෙනකොට රූපවල පැහැදිලි බව වැඩියි. තව මේ වගේ 3D Hologram Projector Ebay එකේ $1ට වගේ විකුනන්න තියෙනවා. කපාගත්ත කොටස් හතර පහල රූපේ වගේ Pyramid එකක් හදාගන්න. 3D Hologram Projector එක හදාගෙන ඉවරනම් Hologram Video එකක් Download කරගන්න.
මෙතනින් Download කරගන්නකෝ.
මේ Software එකෙන් Video හදාගන්න පුලුවන්.
Video එකේ මැදට Pyramid එකේ උල තියලා කලුවර තැනකට ගිහින් බලන්නකෝ. මතක ඇතුව Video එකේ Brightness වැඩි කරගන්න. කරලා බලලා Comment එකකුත් දාන්නකෝ හොද නරක කියලා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment