Showing posts with label Circuit. Show all posts
Showing posts with label Circuit. Show all posts

Tuesday, January 31, 2017

Mobile Power Bank එකක් අපිම හදාගමු.

 

Power Bank එකක් හදාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මූලික දේවල් වල හැටියට Mobile Phone එකක් Charge කරගන්න 5V ඕන වෙනවා. ඒක නිසා අපි Power Bank එක කොහොම හැදුවත් 7805 Regulator IC එක ඕන. ඇත්තටම ඒ Regulator IC එකෙන් වෙන්නේ 5V වඩා වැඩි Voltage එකක් 5V output කරන එක පල්ලෙහා දාලා ඇති wire පාස්සගන්න ඕන විදිය Smooth current එකක් ගන්න පල්ලෙහා තියෙන විදියට පොඩි Capasitors 2ක් දාගන්න ඕන. 12V  වලටනම් Regulator IC එකට Heatzink එකක් දාන්න තරම් දෙයක් නෑ IC එක එච්චර රත් වෙන්නේ නෑ. මේ Regulator IC එකට 35V වගේ Max Voltage එකක් දෙන්න පුලුවන්. 79## වල මේකේ Commen අග්‍රයේ + - මාරුයි{ 78## (-) ,79## (+) }. මාතෘකාවෙන් පිට පනින්න ඕන නෑනේ.


                                   

1 ක්‍රමය (NOT Rechargerble )

මේ ක්‍රමයට අවශ්‍ය වෙන්නේ 7805 Regulator IC , Mobile Phone Charger Cable (මැදින් කපන්න ඕන ඒක නිසා Data Cable එකක්ම වෙන්න ඕන නෑ.), 9V Battary හරි 5V<Battary (NOT Rechargerble ) , 9V Battary connect  එකක්.


පින්තූරයේ තියෙන විදියට  7805 Regulator IC එක හදාගන්න ඕන. 9V Battary connect  එකේ  (+) හා (-)  7805 Regulator IC එකට හරියට පාස්ස ගන්න. Regulator IC එකෙන් output wires Charger Cable එකට  (Phone එකට වදින පැත්තේ Cable කෑල්ල) පාස්ස ගන්න. දැන් ඉතින් Phone එකට plug කරලා බලන්න Charger වෙනවනම් වඩේ හරි. නැත්නම් ආයිත් check කරලා බලන්න. හොඳ නිමාවක් ගන්න මොකක් හරි casing එකක් ඇතුලට Regulator IC එකයි Battary එකයි දාගන්න නැත්නම් Battary connect  එක උඩටම IC එක selootape වලින් අලවගන්න. Battary එක බැස්සම ආයි එකක් දාගන්න තියෙන්නේ.

2 ක්‍රමය (Rechargerble )

මේ ක්‍රමයට අවශ්‍ය වෙන්නේ 7805 Regulator IC , Mobile Phone Charger Cable (මැදින් කපන්න ඕන ඒක නිසා Data Cable එකක්ම වෙන්න ඕන නෑ.), 5V<Battary (Rechargerble )




පින්තූරයේ තියෙන විදියට  7805 Regulator IC එක හදාගන්න ඕන. Battary set  එකේ  (+) හා (-)  7805 Regulator IC එකට හරියට පාස්ස ගන්න. Regulator IC එකෙන් input wires Charger Cable එකට  (Charger එකට වදින පැත්තේ Cable කෑල්ල) පාස්ස ගන්න. Regulator IC එකෙන් output wires Charger Cable එකට  (Phone එකට වදින පැත්තේ Cable කෑල්ල) පාස්ස ගන්න. දැන් ඉතින් Phone එකට plug කරලා බලන්න Charger වෙනවනම් වඩේ හරි. නැත්නම් ආයිත් check කරලා බලන්න. හොඳ නිමාවක් ගන්න මොකක් හරි casing එකක් ඇතුලට Regulator IC එකයි Battary එකයි දාගන්න නැත්නම් Battary connect  එක උඩටම IC එක selootape වලින් අලවගන්න. Power Bank එකේ තියෙන වගේ Rechargerble Battary ඕනනම් පරණ Laptop Battary එකකින් ගන්න පුලුවන්. නැත්නම් වෙන Rechargerble Battary  වුනත් අවුලක් නෑ. ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින්  අරගන්න.  Battary වල mA(මිලි ඇම්පියර්) වලින් තමයි full charge එකකින් charge කරන්න පුලුවන් වාර ගාන තීරනය වෙන්නේ ඒක නිසා 5v වලට වඩා වැඩි වෙන්න(Battary 2ක 2) සමාන්තරව දාගන්න mA ගාන වැඩි වෙන්න.


Monday, December 26, 2016

Dead වෙච්ච Laptop බැටරිය හාදාගන්න කැමතිද?



මුලින්ම බොරු කියන්න ඕන නෑනේ. සමහර බැටරිනම් හදාගන්න බෑ එකේක හේතු නිසා circuit එක වැඩකරන්නේ නැත්නම්, ගැලපෙන battary replacement නැත්නම්,....... ඒත් අලුත් Laptop බැටරියක් කීයක් වෙනවද? Try කරලා බැලුවට පාඩුවෙනවද? පොඩ්ඩක් හරි හදාගන්න පුලුවන්නම්.

මේ වඩේට Voltmeter එකක් ඕන. මුලින්ම බැටරිය Laptop එකෙන් පන්නගන්න. ඊට පස්සේ පරිසමින් පල්ලෙහා රූපේ පේන විදියට බැටරිය වෙන් කරගන්න casing එක පොඩ්ඩක් Damage උනාට අවුලක් නෑ. ඒත් ආයිමත් සෙට් කරලා Laptop එකට දාද්දි පොඩ්ඩක් අමාරු වෙයි. ඒක නිසා පුලුවන් තරම් Damage  නොවී ගලවගන්න. Mobile Power Bank  වලත් තියෙන්නේ මේ බැටරි ගොඩක් දුරට ඒවත් මේ විදියට හදාගන්න පුලුවන්. දැන් බැටරි ටික ගලවගන්න. පාස්සල තියෙන නිසා එකපාර ගලවන්න යන්න එපා. Damage battary තියෙද බලන්න. battary 2 ක 2ක Parellel තියෙන්නේ. මගේනම් Damage battary තිබුනා ඒකට ගොඩක් හේතුව දාඩිය පෙරන් උකුල උඩ Laptop එක තියන් ඉදපු එක. හොද Laptop වලනම් දාඩිය ඇතුලට යන්නේ නැතුව ඇති අනික ඒ battary සවුත්තු වෙනොත් අඩුයි. battary වල voltage එක Voltmeter එකෙන් මැනගන්න. battary 2 ක 2ක Parellel තියෙන නිසා 2 ක 2ක voltage මැනගන්න. battary voltage එක 3.6v වලට වඩා වැඩිවෙන්න ඕන. 2 ක 2ක voltage මැනගත්තනම් battary වෙන්කරගෙන තනි තනියෙන් චෙක් කරගන්න කියන්න දෙයක් නෑනේ තේරෙනොනේ. කොහොමහරි තනි තනි battary voltage එක 3.6v වලට වඩා වැඩිවෙන්න ඕන. ඔක්කොම battary අලුතෙන් දාන්න පුලුවන්නම් වඩා හොදයි.Damage battary තියෙනම් ගලවලා අයින් කරන්න. battary voltage එක 3.6v වලට වඩා වැඩිවෙන්න ඕන කිව්වට ඒක වෙනස්. වැඩිම battary voltage එක බලාගන්න ඒ ආසන්න අගයක් තියෙනම් වඩා හොදයි. 

දැන් ඉතින් කරන්න තියෙන්නේ battary ඔක්කොම හරි වැඩක්නැති ටික හරි replace කරන එක. battary replace කරද්දි තියෙන battary එක ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකට අරන් ගිහින් ගන්න. ඒ වර්ගෙම ඒ battary voltage එකනම් හොදයිනේ. මට එක battary එකකට ගියේ Rs 3## ගානක් ඊට වඩා අඩු ඇති වෙන පලාත් වල. ආයි ධන(+) ඝණ(-) හරියට බලලා battary ටික දාගන්න. හොදට battary ටික සෙට් වෙන්න ඕන කලින් පාස්සපුවා ගැලෙව්ව තැන් වලට යකඩ පතුරු රිංගවන්න පුලුවන්නම් හොදයි. එතකොට battary හොදට contact වෙනවා. කොහොමහරි Laptop එක හෙලවෙදිදි battary පනින්නේ  නැත්නම් එච්චරයි. ආයි casing එක හොදට Fit කරලා Laptop එකට දාගන්න එක. අලුත්ම battary Charge කරගන්න දන්නවනේ. full battary බහිනකම් ඉදලා පැය කීපයක් Charge කරගන්න එක (full Charge අමතරව). ඊට පස්සේ Charger එක unplug කරලා Laptop එක Power on කරලා බලන්න. 100% තියෙනම් Discharge වෙන්න වැඩ කරලා battary බහින්න කාලය බලන්න. ඔක්කෝම අලුත් battary නම් අවුලක් නැතුව ඇති. මම නම් battary 2යි අලුතෙන්  දැම්මේ තව battary එකක් තව Laptop battary එකකින් පන්නගත්තා battary පොඩ්ඩක්වත් තිබුනේ  නෑ කලින් දැන් 40% තියෙනවා. හදපු වෙලාවෙම 23% තිබුනේ. Charge කරද්දි unplug කර කර ආයි step by step තමයි 40% වෙනකල් ගත්තේ ඒත් මහමෙරක් වගේ නැත්නම් light ගියාම ඔක්කොම ඉවරයි. අලුත් Laptop battary එකකුත් Rs 7000 ක් විතර වෙනවා මේකෙන් Rs 600 වගේ shape වුනා. try කරලා බලන්න. අවුලක්නම්  Comment කරන්න. post එකේ අඩුපාඩු තියෙනම් කියන්න.




Tuesday, December 6, 2016

Geeco ඇන්ටනාවක් හදාගන්න.




Geeco ඇන්ටනාව  තමයි ලංකාවේ තියෙන හොදම Antanna එක මම දන්න විදියට. Japan technology වලින් තමයි හදලා තියෙන්නේ. Batapola ඇන්ටනාව 12V output Booster එකක් තියෙන්නේ. ඒ උනාට Geeco ඇන්ටනාව 24V output Booster එකක් තියෙන්නේ. එක නිසා හොද Gain(28db) එකක් තියෙන ඇන්ටනාවක් තමයි Geeco ඇන්ටනාව

මෙන්න Circuit diagramme එක diagramme එකක් circuitlanka Website එකෙන්.