Showing posts with label Android Tricks. Show all posts
Showing posts with label Android Tricks. Show all posts

Friday, September 11, 2020

Unlimited Torrent files Google Drive හරහා download කරගමු.

1. මුලින්ම මේකට මේ file එක download කරගන්න ඕන.

torrents-to-google_drive-master GitHub

2. download කරගත්ත  මේ file එක ඔයාලගේ google drive එකක දාගන්න.

3. ඒ file එක google colaboratory හරහා open කරගන්න.


4. මේ වගේ window එකක් බලාගන්න පුලුවන්. play button එක click කරලා එන link එකෙන් ගිහින් drive authorization code එක copy කර ගෙන පහල පින්තූරයේ තියෙන Enter your authorization code  තැන paste කරලා enter කරන්න.


5. පහල පින්තූරයේ තියෙන play button එක click කරන්න 


6. download කරන torrent file එකේ magnet link copy කරගෙන  පහල පින්තූරයේ තියෙන play button එක click කරලා එන bar එකේ copy කරගත්ත link එක paste කරගෙන enter කරන්න.


7. පහල පින්තූරයේ තියෙන play button එක click කරන්න 


මේ වගේ ඔයාලට google drive එකට download වෙනවා බලාගන්න පුලුවන් 100% complete වුනාම ඔයාලගේ google drive එකේ torrent කියලා folder එකක download වුන files බලාගන්න පුලුවන්. පස්සේ ඕන වෙලාවක download කරගන්න යාලුවො අතරේ share කරගන්න පුලුවන්.

මේ post එක වටිනවා කියලා හිතෙනවනම් දෙයක් දැනගත්තනම් යාලුවන්ටත් දැනගන්න share කරන්න.




Tuesday, January 31, 2017

Mobile Power Bank එකක් අපිම හදාගමු.

 

Power Bank එකක් හදාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මූලික දේවල් වල හැටියට Mobile Phone එකක් Charge කරගන්න 5V ඕන වෙනවා. ඒක නිසා අපි Power Bank එක කොහොම හැදුවත් 7805 Regulator IC එක ඕන. ඇත්තටම ඒ Regulator IC එකෙන් වෙන්නේ 5V වඩා වැඩි Voltage එකක් 5V output කරන එක පල්ලෙහා දාලා ඇති wire පාස්සගන්න ඕන විදිය Smooth current එකක් ගන්න පල්ලෙහා තියෙන විදියට පොඩි Capasitors 2ක් දාගන්න ඕන. 12V  වලටනම් Regulator IC එකට Heatzink එකක් දාන්න තරම් දෙයක් නෑ IC එක එච්චර රත් වෙන්නේ නෑ. මේ Regulator IC එකට 35V වගේ Max Voltage එකක් දෙන්න පුලුවන්. 79## වල මේකේ Commen අග්‍රයේ + - මාරුයි{ 78## (-) ,79## (+) }. මාතෘකාවෙන් පිට පනින්න ඕන නෑනේ.


                                   

1 ක්‍රමය (NOT Rechargerble )

මේ ක්‍රමයට අවශ්‍ය වෙන්නේ 7805 Regulator IC , Mobile Phone Charger Cable (මැදින් කපන්න ඕන ඒක නිසා Data Cable එකක්ම වෙන්න ඕන නෑ.), 9V Battary හරි 5V<Battary (NOT Rechargerble ) , 9V Battary connect  එකක්.


පින්තූරයේ තියෙන විදියට  7805 Regulator IC එක හදාගන්න ඕන. 9V Battary connect  එකේ  (+) හා (-)  7805 Regulator IC එකට හරියට පාස්ස ගන්න. Regulator IC එකෙන් output wires Charger Cable එකට  (Phone එකට වදින පැත්තේ Cable කෑල්ල) පාස්ස ගන්න. දැන් ඉතින් Phone එකට plug කරලා බලන්න Charger වෙනවනම් වඩේ හරි. නැත්නම් ආයිත් check කරලා බලන්න. හොඳ නිමාවක් ගන්න මොකක් හරි casing එකක් ඇතුලට Regulator IC එකයි Battary එකයි දාගන්න නැත්නම් Battary connect  එක උඩටම IC එක selootape වලින් අලවගන්න. Battary එක බැස්සම ආයි එකක් දාගන්න තියෙන්නේ.

2 ක්‍රමය (Rechargerble )

මේ ක්‍රමයට අවශ්‍ය වෙන්නේ 7805 Regulator IC , Mobile Phone Charger Cable (මැදින් කපන්න ඕන ඒක නිසා Data Cable එකක්ම වෙන්න ඕන නෑ.), 5V<Battary (Rechargerble )




පින්තූරයේ තියෙන විදියට  7805 Regulator IC එක හදාගන්න ඕන. Battary set  එකේ  (+) හා (-)  7805 Regulator IC එකට හරියට පාස්ස ගන්න. Regulator IC එකෙන් input wires Charger Cable එකට  (Charger එකට වදින පැත්තේ Cable කෑල්ල) පාස්ස ගන්න. Regulator IC එකෙන් output wires Charger Cable එකට  (Phone එකට වදින පැත්තේ Cable කෑල්ල) පාස්ස ගන්න. දැන් ඉතින් Phone එකට plug කරලා බලන්න Charger වෙනවනම් වඩේ හරි. නැත්නම් ආයිත් check කරලා බලන්න. හොඳ නිමාවක් ගන්න මොකක් හරි casing එකක් ඇතුලට Regulator IC එකයි Battary එකයි දාගන්න නැත්නම් Battary connect  එක උඩටම IC එක selootape වලින් අලවගන්න. Power Bank එකේ තියෙන වගේ Rechargerble Battary ඕනනම් පරණ Laptop Battary එකකින් ගන්න පුලුවන්. නැත්නම් වෙන Rechargerble Battary  වුනත් අවුලක් නෑ. ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින්  අරගන්න.  Battary වල mA(මිලි ඇම්පියර්) වලින් තමයි full charge එකකින් charge කරන්න පුලුවන් වාර ගාන තීරනය වෙන්නේ ඒක නිසා 5v වලට වඩා වැඩි වෙන්න(Battary 2ක 2) සමාන්තරව දාගන්න mA ගාන වැඩි වෙන්න.


Tuesday, December 6, 2016

Android Boot Animation/Sounds එක වෙනස් කර ගමුද?


ඔන්න මුලින්ම කියන්නම් මේකට Root කරලා තියෙන්න ඕන. Root කරන හැටි කලින් පොස්ට් එකක දැම්මා.Root කරලනම් පල්ලෙහා තියෙනවා වගේ Super user app එක ඇති. Es file manager එක නැත්නම් ඒක Download කරගන්න. ඒකම ඕනෙත් නෑ Root directory වලට යන්න පුලුවන් file manager එකක් තිබුනම ඇති. මුලින්ම file manager එකට Root permission දෙන්න.

                    

                    

                    

                                                 


ඊට පස්සේ මෙන්න මේ path එකට යන්න. Device > system > media අන්න ඒ folder එකේ තමයි තියෙන්නේ. හොයාගන්න නැත්නම් Device වල ඉදගෙන search පාරක් දාන්න bootanimation හරි poweron හරි.

poweron.mp3 , poweroff.mp3 වලට කැමති mp3 එකක් දාගන්න පුලුවන් ඒත්
bootanimation එකේ වෙලාවට ගැලපෙන්න ඕන. ආ තව එකක් මේ directory එකට Root නැති phone  වලත් යන්න පුලුවන් කැමතිනම් වෙන phone එකක bootanimation , poweron.mp3 , poweroff.mp3 ගන්න පුලුවන් නැත්නම් internet එකෙන් download කරගන්න පුලුවන්.

වැදගත්ම දේ තමයි bootanimation.zip එක ඇතුලේ desc.txt file එකක් ඇති ඒ file එකේ අපිට ඕන bootanimation එකට අදාල screen size එක බලාගන්න පුලුවන්. ඒක මේ වගේ,

320 480 15

320 - පළල
480 - උස
15 - 1s යන frame(photo) ගණන

තව එකක් තමයි bootanimation.zip එකේ folder වල තියෙන photo තමයි Animation වෙන්නේ. bootanimationfactory කියලා Software එකක් තියෙනවා ඒකෙනුත් Animation හදන්න edit කරන්න පුලුවන් ඒකෙන්ම preview එකක් බලන්නත් පුලුවන්.

මුලින් තමන්ගේ phone  එකේ දැනට තියෙන bootanimation එකට අදාල screen size එකට අදාලව bootanimation එකක් හොයාගන්න. සමහර bootanimation.zip වලම poweron.mp3 , poweroff.mp3  තියෙනවා.

phone එකට ගැලපෙන  bootanimation.zip එක හොයාගත්තනම් වඩේ පටන්ගන්න පුලුවන් ඒත් මුලින්ම ආපු bootanimation.zip , poweron.mp3 , poweroff.mp3 ටික චිප් එකට වගේ copy කරගන්න. කෝකටත් හොදයිනේ. දැන් ඉතිං කරන්න තියෙන්නේ තියෙන ඒවා වෙනුවට අලුත් ඒවා replace කරන එක. දැන් ඉතින් restart පාරක් දීලා බලන්න.

media > audio folder එකේ folders වලට අපි කැමති sounds අදාල format(ogg) එකෙන් replace හරි දාගෙන හරි බලන්නකෝ. පොස්ට් එකේ අඩුපාඩු හොඳ නරක කියලා comment එකක් දාන්නකෝ.

Tuesday, November 15, 2016

Android Pattern/Password/Pin Lock එක Hack/Bypass කරන්න කැමතිද?



ඇත්තටම මේ වැඩේ කරන්න පුලුවන් වෙන්නේ Recovery තියෙන Phone වලට විතරයි. Recovery නැත්නම් Root කරපු Android Device වලට cwm recovery දාගෙන තියෙනම් එත් පුලුවන්.

මුලින්ම aromafilemanager.zip එක flash කරගන්න ඕන. ඒක කරන්නේ මුලින්ම Phone එක recovery mode එකට දාගන්න ඕන. ඒකට Phone එක Off කරලා Volume Down Button එකත් එක්ක Power Button එක ඔබාගෙන ඉද්දී recovery mode එක වැටේවී. ආවේ නැත්නම් Battary එක පන්නලා ආයිත් කරලා බලන්න ඒත් නැත්නම් Phone එකට අදාල  recovery mode එක Open කරන හැටි Google Search කරලා බලාගන්න. 

recovery mode එකේ install zip from sdcard තෝරගන්න. ලිස්ට් එක උඩට පල්ලෙහාට Volume Button එකෙන් යන්න පුලුවන්. Power Button එකෙන් තෝරගන්න පුලුවන්. install zip from sdcard එක තෝරගත්තට පස්සේ choose zip from internal sdcard/choose zip from  sdcard දෙකෙන් එකක් තෝරගන්න. Download කරගත්ත aromafilemanager.zip එක තියෙන එක තමයි තෝරගන්න ඕන. zip file එක තියෙන තැනට ගිහින් zip file එක තෝරගන්න. ඊටපස්සේ  confirm install වල yes දෙන්න. 


aromafilemanager එක Open වේවී. ඒකෙන් data/system path එකේ gesture.key file එක rename කරන්න. rename වෙන්නේ නැත්නම් Permission Read Write on කරලා කරන්න. rename කරාට පස්සේ menu වලින් exit වෙන්න. ඊටපස්සේ Go back ගිහින් reboot system now දෙන්න. දැන් බලන්නකෝ Pattern/Password/Pin Lock එක නැතිවෙලා තියෙන හැටි.කාටවත් හොරෙන් කරනවා නම්  ආයි gesture.key වලට rename කරන්න කලින් විදියටම recovery mode ඇවිත් කරන්න.

              

              

              
   
              




Wednesday, November 2, 2016

Android Phone වලට සිංහල දාගන්න හැටි.


Samsung Phone වලටනම් Root කරන්න ඕනේ නෑ. settings වල fonts change කරන තැනින් සිංහල unicode font එකක් තෝරලා දුන්නම හරි. internet browsing වගේ වැඩකටනම් opera mini වල සිංහල හදාගන්න. facebook නම් lite app එක තියෙනොනේ. මොකද root කරන එක dangerous වගේම phone warranty නැතිවෙනෝනේ.

පරන සමහර Phone වල සිංහල වැඩ නෑනේ. ඒක හදාගන්න Phone එක Root කරලා තියෙන්න ඕන. Root කරගන්න හැටි කලින් පොස්ට් එකක දැම්මා. මුලින්ම කැමති සිංහල unicode font එකක් තෝරගෙන ඉන්න ඕන. google search කරලා බලාගන්නකෝ. App වලින්නම් කරන්න යන්න එපා. මට phone එකේ os ගහන්න උනේ ඒක නිසා. App වල මුලු os එකේම  font එක වෙනස් කරනවා off කරලා on කරද්දි on වෙන්නේ නෑ boot loop නිසා. ඒකත් හදාගන්න හැටි කියන්නම්කෝ පස්සේ. කෙනෙක්ට වරදින්නම ඕන ඉගෙනගන්න.

Root වෙලා නම් පල්ලෙහා රූපේ වගේ Super user app එක ඇති. මතක තියාගන්න ඒක uninstall   කරන්න යන්න එපා.


තව Root  Access තියෙන file manager එකක් ඕන මටනම් ඕන දේකට හොද මේ file manager එක ES File Explorer මුලින්ම ඒකට root permission දෙන්න ඕන. ඒක සාමාන්‍යයෙන් open කරද්දිම අහනවා. නැත්නම් යටින් side එකට ඇද්දම එන menu එකේ Root Explorer on කරන්න තියෙන්නේ.


මුලින්ම Download කරගත්ත සිංහල unicode font එක DroidSansFallback විදියට Rename  කරගන්න. ඊට පස්සේ Device/system/fonts path එකට යන්න. යන හැටි පල්ලෙහා ඇති තියෙන DroidSansFallback.ttf font එකේ copy එකක් ඕනනම් කොහෙට හරි දාගන්න. අර Rename  කරගත්ත සිංහල unicode font එක Device/system/fonts path එකට ගිහින් paste කරගන්න හරියට Rename  කරගත්තනම් overwrite ඒවී. overwrite කරලා paste කරාම වැඩේ හරි සමහර වෙලාවට එවලෙම වැඩ නැත්නම් restart කරාම වැඩ. වැඩේ හරියට කරගන්න එක ඔයාලගේ අතේ phone එක brick උනොත් මන් නෑ. අවුලක් නම් comment එකක් දාන්න.






Monday, October 24, 2016

Marshmallow OS එකේ screen overlay detected ලෙඩේ හදාගන්න විදිය





මන් මේ කියන්නේ ගොඩක් දෙනෙක් දන්නේ නැති Android  Marshmallow OS එකේ ලෙඩක් ගැන. මන් මේක මුලින් දැනගත්තේ යාලුවෙක්ගේ Samsung Phone එකක ලෙඩේ ආවම හදාගන්නම විදියක් නැති තැන Phone Shop එකෙන් Company යවන්න කලින් Reset කරලා බලමු කියලා හදලා තියෙන්නේ ඒ අයත් ලෙඩේ දන්නෙ නැති නිසා. මටත් මේ ලෙඩේම ආවට පස්සේ ගොනා වගේ Reset කරන්නේ නැතුව හැම ලෙඩේටම බෙහෙත් තියෙන Google ඩොක්ටර්ගෙන් Search කරලා බැලුවා. Important Files තිබුනේ නැත්නම් මාත් ගොනා වගේ Reset කරනවා.මේ ලෙඩේ ඊලඟ Os එකෙන්වත් හරියාවි කියලා හිතනවා.


පලවෙනියට මේ Path එකට යන්න.

Samsung Phone වලට 
Settings>Applications>Application Manager>more>Apps that can apper on top 



HTC  Phone වලට 
Settings>Apps>Configure apps>Draw over other apps 





අනිත් Phone වලට
Settings>Draw>Draw over other apps හරි
Settings>Apps>[gear icon එක]>Draw over other apps 

කොහොම හරි Draw over other apps හොයාගන්නකෝ.

දෙවනියට  

මේ ලෙඩේට හේතුවෙන App එක හොයාගන්න ඕන. ඒක මෙහෙම හොයාගන්න පුලුවන්.
  • Clean master තියෙනම් ඒක මුලින්ම Disable කරන්න මොකද ඒක ප්‍රදාන හේතුවක්.
  • හැමතිස්සෙම මතුවෙන(background වැඩකරන) App එකක් තියෙනවනම් ඒක Hide හරි Disable හරි කරන්න.
  • Display පාට Brightness Adjust කරන App එකක් තියෙනම් ඒක Disable කරන්න.
  • එත් හරියන්නේ නැත්නම් ඔක්කොම Disable කරන්න.(ඔක්කොම කිව්වට Phone එපා sms වලට ඒක බලපානවා.)


මේඔක්කොම එකින් එක කරලා Try කරන්න ඕන Draw over other apps වල ලිස්ට් එකේ. ඔක්කොම ඕනේම නෑ එකින් එක Disable කර කර බලන්න නැත්නම් ඔක්කොම කරන්න පස්සේ ඕනනම් ආයි Active කරන්න පුලුවන්නේ මෙතනින්ම.



වැඩේ හරි නම් screen overlay detected කියලා ආයි ටික දවසක් යනකන් එන්නේ නෑ. ආයි ආවම මෙහෙමම හදාගන්න තියෙන්නේ.

තව දෙයක් උඩ ක්‍රමෙන් වැඩ කරේ නැත්නම් Samsung Phone වල Settings>Advanced feature>one-handed operation Deactivate කරන්න.