ගොඩක් Software,Games වැඩකරන්න Net Framework ඕන නැත්නම් වැඩකරන්නේ නෑ. සමහර Software,Games වලට Net Framework 3.5 install කරන්න එනවා. ඒ එන Window එක පලවෙනි පින්තූරයේ වගේ. ඒත් ඒ download කරලා. මන් කියලා දෙන්න යන්නේ Offline Install කරගන්න හැටි. මේකට Windows 8,8.1 DVD එක ඕන.
1 ක්‍රමය
මුලින්ම Command Prompt එක Administrator විදියට Open කරගන්න. ඒක කරන්නේ Command Prompt එක Search කරලා Right Click කරලා Run as administrator දෙන්න
මේ Code එක Copy කරලා Paste කරලා හරි Type කරලා හරි Enter කරන්න. මේක කරද්දී Windows 8,8.1 DVD එක දාලා තියෙන්න ඕන. තව එකක් Source:F එකේ Source: එකට DVD Drive එකේ Letter එක දෙන්න.
Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:F:\sources\sxs /LimitAccess
2 ක්‍රමය
Windows 8 setup files ටික කොහේ හරි directory එකක තියෙනම් F:\sources\sxs path එක වෙනුවට files ටික තියෙන path එක replace කරගන්න.
Net Framework Install වුනාම මේ වගේ Window එක.
3 ක්‍රමය (Software එකකින්)
Download කරගත්ත Zip File එක Extract කරගෙන Software එක කලින් වගේම Right Click කරලා Run as administrator දීලා Open කරගන්න පල්ලෙහා තියෙනව වගේ Window එකක් ලැබේවී.
මේකටත් Windows 8,8.1 DVD එක දාලා තියෙන්න ඕන. කලින් වගේම Drive එක හරි path එක හරි අහන තැන් වලට දාන්න ඕන. ඔක්කෝම දීලා Install කරගන්නකෝ.
ඒත් සමහර වෙලාවට Steps ටික හරියට කරත් වැඩේ වෙන්නේ නෑ. එතකොට Windows 8,8.1 DVD එක වෙනස් කරලා Try කරන්න නැත්නම් මේ වගේ Error Massege එකක් එනවනම් පල්ලෙහා දීලා ඇති ඒක Fix කරගන්න.
Error: 0x800F081F
The source files could not be found.
හරි
Error: 0x800F0906
The source files could not be downloaded.
හරි
Windows couldn't connect to the Internet to download necessary files. Make sure that you're connected to the Internet and click "Retry" to try again.
මේ Error Massege මේ වගේ පෙනේවී.
මේ වැඩේ වෙන්නේ Windows Update 3ක් නිසා ඒවා මුලින් අයින් කරලා Install කරානම් හරි වෙන Update නිසාත් මේක වෙන්න පුලුවන්. ඒක නිසා හොදම වැඩේ පුලුවන්නම් Windows Install කරගමන් Net Framework Install කරගන්න එක. කොහොම හරි Update අයින් කරන්නේ මෙහෙමයි.
1. Control Panel Open කරගෙන, Programs and Features වල View installed updates වලට යන්න.
2.දැන් පල්ලෙහාට scroll වෙලා මේ updates තියෙද බලන්න. හොයන්න අමාරුනම් උඩ Search කරලා බලන්න :
KB2966826
KB2966827
KB2966828
3. updates ටික තියෙනම් , right-click කරලා හරි Select කරලා උඩින් හරි update එකින් එක Uninstall කරගන්න. වඩේ කරගෙන ඉවර වුනාට පස්සේ ඕනනම් Control Panel වල System and Security වල Windows update කරගන්න. update Window එක මේ වගේ.
No comments:
Post a Comment